රාත්‍රිය තරු පිරි වරා ගෙන
හිතක් ලඟ තනි රකින දවසක
සඳ කිරණ සිසිලසින් වෙලෙමින්
රටා මවයි හිත මත්තෙන්
දිගු නිහඬ හුදෙකලාවක
සඟවා සුරැකිව රැකගත්
මතක තිමිර ඉරා දමා
බොඳ මීදුම් පටල මැදින්
ඔබ ඇවිදින් හිත් මඩලට.
නිල් දෑසින් හිනා වෙලා
ඇස් පිහාටු සෙමින් සලා
මන්දහාස දෙතොල් සලා
දොඩමලු වන නිමේෂයක්.
තදින් හිත් අගුලු දැමුවත්
වෙන්වුවත් වෙන් නොවුනු
හිතේ ගැඹුරුම තැනක
සුරැකිව රැඳී සිටිනා
සුන්දරම ප්‍රේමය සමගින්
තුන් සිතම නිවී සැනහුනු
තවත් එක් රැයකි මේ
පහන් වුනු ඔබ නැතිව .