Friday 17 July 2020

නිස්සාර....






නින්ද එනතුරු මේ අමාවක
රිදුනු හිත පිරිමදින මොහොතක 
බිහිරි කරවන නිහඬතාවෙක
ඔබේ කටහඬ දෝංකාරෙක

දරාගනු බැරි තනිකමක
හිතම පැටළුණු ඇසිල්ලක 
හුදකලාව සුව යහනෙක
අදුර සමග  මුනු මුනුවක

ජීවිතය කියන්නෙම මේකද....
රාත්‍රියේ නිහඬ තාවය මැද 
හිත කොනිති ගසන කලුවරද
හිත් පිත් නැති හුදකලාවද....

No comments:

Post a Comment