Friday 17 July 2020

මතක....


හිතේ රිදෙන තැනක අපි 
සඟවගත් ප්‍රේමයක
වරම් නැති ලොවක දුටු 
සුන්දරම සිහිනයක
මේ අදත් පෙර පරිදි  
පණ ගැහෙන මතකයක 
නොවෙනස්ව  ඔබ හිදී 
හදේ ඇදි සිතුවමක

සසර මග මින් පෙරත් 
හමුවෙලා තියෙන්නැති
ඒ නිසා මේ භවෙත් 
අප දෙනෙත් ගැටෙන්නැති
මතක හිත හංගාන
ජීවිතේ ගෙවෙන්නැති
ඒ වුනත් කොහොමදැයි 
හොරෙන් හරි හොයන්නැති

No comments:

Post a Comment